Sunday, November 20, 2011

නාඩන් දරුව - න්ගුගි වා තියොන්ගො

WEEP NOT CHILD – Ngugi Wa Thiongo

නාඩන් දරුව - න්ගුගි වා තියොන්ගො
පරිවර්තනය - පී.බී ජයසේකර
විදර්ශන ප‍්‍රකාශනයකි.
මිළ රු. 280
කෙන්යාව අප‍්‍රිකානු මහද්වීපයේ බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවති රාජ්‍යයකි. අන් සෑම යටත් විජිතයකටම පාහේ ඇතුළු වූ අයුරින්ම බි‍්‍රතාන්‍යයන් කෙන්යාවට ඇතුළු වූයේද එක් අතෙකින් තුවක්කුවද අනෙක් අතින් බයිබලයද රැුගෙන බව කියනු ලැබේ. ආගමික මුලාවෙන් ජනතාව අන්ධ කරමින් ඔවුන්ලේ සුන්දර රට සතු සාරභූමි මහා පරිමාණයෙන් අත්පත්කරගන්නා ලදී. එමෙන්ම අසාධාරණ ලෙස ඔවුන්ගේ ශ‍්‍රමයද සූරාකන ලදී. 1915 දී කෙන්යාවේ ක‍්‍රියාත්මක කරන ලද ඉඩම් පනත ප‍්‍රකාරව එහි සියලූ ඉඩම් වල හිමිකරුවා රජය බවට පත්විය. ඒ අනුව තමන්ට කැමති පුද්ගලයෙකු වෙත ඉඩම් පැවරීමේ බලයද රජයට හිමිවිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස නිරිතදිග කෙන්යාවේ සරුසාර උස් බිම් සුද්දාගේ රට ලෙස හදුන්වන තත්වයක් ඇතිවිය.
දෙවැනි ලෝක මහා සංග‍්‍රාමය අවසාන වන්නා හාම තමන්ට අහිමි වූ ඉඩම් නැවත ලබා ගැනීම සදහා කෙන්යානු ජනයා සංවිධානය වූ අතර අදුරු අප‍්‍රිකාවේ ගිනි සිළුව ලෙස ප‍්‍රකට වූ ජෝ මෝ කෙන්යාටා ගේ නායකත්වයෙන් කෙන්යා අප‍්‍රිකානු ජාතික සභාව 1944දී බිහිවිය. ඒ මගින් ක‍්‍රියාත්ම කරන ලද සාමකාමී විමුක්ති අරගලයන් සදහා රජය ඉතා දරදඩු ප‍්‍රතිචාර ලබාදුන් අතර විවේචනයට භාජනය වූ නඩු තීන්දුවක් මගින් ජෝ මෝ කෙන්යාටා ඇතුළු ජනතා නායකයෝ සිරගත කරන ලදී.
සුදු ජාතිකයන්ගෙන් එල්ලවූ අනේකවිධ පීඩාවන් දරා ගැනීමට නොහැකි වූ කෙන්යානු තරුණ පරපුර අවි ආයුධ අතට ගෙන වනගත වී සුදු ජාතිකයන් කෙන්යාවෙන් පළවා හැරීමට දිවුරුම් දී ගරිල්ලා සටන් ව්‍යාපාරයකට අවතීර්ණ වෙති. රට පුරා භීෂණය පැතිරී යන අතර දිළිදු කළු ජාතික කුලී ගොවියා මෙන්ම සුදු ජාතික ඉඩම් හිමියාද මෙයි අතිශය දරුණු පීඩාවකට පත්වෙති.
මෝ මෝ කැරැුල්ල ඇතිවූ 1952-1958 කාලසීමාව පාදක කොටගනිමින් කෙන්යාවේ ග‍්‍රාමයක ඇතිවූ සිදුවීම් සමුදායක් නාඩන් දරුව හි කතා තේමාව වී ඇත. මෙම පොත මෙහි කතුවරයා වූ න්ගුගිගේ පළමු කෘතිය වන අතර මෙය ඔහුගේ ජීවිත කතාව වන බවටද ඇතැම් සාහිත්‍ය විචාරකයෝ මත පලකරති.
නුගොතොගේ දෙවැනි බිරිය වූ නියොකාබ්ගේ පුත‍්‍රයා වූ නුජොරෝප් ඉගෙනුම සදහා පාසැලකට ඇතුලත් කරනු ලබන්නේ සමස්ත පවුලේම අනාගතය පිළිබද බලාපොරොත්තු ඔහු මත පටවමිනි. ඔහුද තමාගේ වගකීම මැනවින් සිහියට ගන්නේ නොපිරිහෙළා තම අධ්‍යයන කටයුතු වල නිරත වේ. කෙසේ වෙතත් නුජොරෝප් ගේ පියා තමාට හිමි ඉඩමක් නොමැති අනෙකෙකුගේ ඉඩමක පැළක් අටවාගෙන ජීවත් වන දිළිදු කුලී ගොවියෙකි. නමුත් 1953 ඇතිවන වැඩ වර්ජනයේදී ඇතිවන ආරවුලකදී නුගොතො තමන්ට පදිංචි වීමට ඉඩම සැපයු කළු ජාතික ඉඩම් හිමියාට පහරදීම නිසා කතාවේ දිශානතිය ශෝචනීය ලෙස වෙනස් වෙයි. එතැන් පටන් මුළාදෑනි පැලැන්තියෙන් නුගොතොට සහ ඔහුගේ පවුලේ උදවියට එල්ලවන්නේ අනේකවිධ හද කම්පා කරවන කෙනෙහිළිකම්ය.
මේ අතර නුගොතොගේ වැඩිමහල් පුත‍්‍රයා වන බෝරෝ මෝ මෝ කැරළිකරුවන් හා එක්වීම නිසා තත්වය තවත් අයහපත් අතට හැරෙන්නේ නුගොතො පවුලේ බලාපොරොත්තුව වන නුජොරෝප් ගේ ඉදිරි ගමනට කණකොකා හඩවමිනි. නුජොරෝප් තම අරමුණ ඉටුකරගැනීමට සමත්වේද? අතරමගදී මුණගැසෙන පේ‍්‍රමය ඔහුටත් හොරා ඔහු වෙළාගනිද්දී ජීවිතයේ එන අනේකවිධ දුක් දෝමනස්සයන්ට මුහුණදීමට ඔහු සමත් වන්නේද?
මෙය සියුම් නවකතාවකි. එහි භාෂාවේ පොහොසත්කමත්, කතාව ගොතා ඇති ආකාරයත්, නිර්මාණයක් ලෙසින් එය ලබා ඇති සාර්ථකත්වයත් මෙය කියවීමට තරම් වූ අනභිබවනීය නිර්මාණයක් බවට පත්කර ඇත.

No comments:

Post a Comment